Showing posts with label අනුර අමිල කවි. Show all posts
Showing posts with label අනුර අමිල කවි. Show all posts

Sunday, January 14, 2018

එක පල් දල වන් දිගැසි





                    හෙට්ටි මි
             සිිහිගිරි ආ මි
             බෙයද පා අමුනමි
             දකිමි
             විඳිමි
             හදුනමි
             සියෝ ලිවු දෑ විමසමි

           ..........................

            'මස්ඉඹුල' ලියු නිසා

            නොලීමි...




            අනුරසිරි හෙට්ටිගේ

Thursday, January 11, 2018

තේක්ක මල්





තේක්ක ගොම්මනේ
වැට දිගට
එක පෙළට
බුදු පුදට
මල් නෙළන
උවැසියන්ගේ පා සිඹින
සෝපාක කුලයේ 
මල්..

අනුරසිරි හෙට්ටිගේ




Tuesday, January 9, 2018

සුබ උපන් දිනයක් අක්කේ !


කොළඹ අහසේ එදා වාගේම අදත් සඳ තරු දිලෙනවා
සිහින ඡායා විලස විසිරී හදේ තැන තැන රැ‍ඳෙනවා
මතක සිත්තම අවදි වීලා ඇස‘ග කඳුළක් දිලෙනවා
නුඹ නමින් පිපි මලක් තවමත් දෑස අද්දර පිපෙනවා

සන්ත බස්තියමට වඩා උස නුඹේ දුක් ගිනි දැනෙනවා
ඉවස ගන්නට බැරිම තැනකදි මාත් රහසින් අඬනවා
රැගෙන යන්ට කිසිත් නැති බව උගත් දහමත් කියනවා
ඉතිං ඉවසනු.! ජීවිතය ගෙන දුරක් යන්නට තියෙනවා

විඳින්නට නොව දරන්නට ලැබූ ජීවිතය ගෙන ගිය දුරක්
පාර අමතක නොවී ආපහු ආ ගමන නැහැ කිසි බරක්
පාළුවක් දැනුනොතින් අක්කේ වරෙන් නොහිතා දෙවාරක්
මටත් නැති දොර නුඹට ඇරෙනවා සත්තමයි එහි නැහැ සැකක්

හැට හතක් වයසක් නොවෙයි බං තව ටිකක් ඉන්නට ඇතේ
නුඹට පෙර යන ගමන යන්නට මටත් අවසරයක් ඇතේ
කවුරු කොහොමින් ගියත් අක්කේ අපේ සෙනෙහස තව රැඳේ
රැගෙන යමු අපි යන තැනක පෙම තද කරන් අපෙ යටි හිතේ..

හෙට්ටිගේ ලලිතා මගේ අක්කාට සුබ උපන් දිනයකට ආසිරි පතමි..
අනුරසිරි හෙට්ටිගේ
2017.12.21.

දේශද්‍රෝහියාගේ නිර්මල හෘදය - නවකතා

තුලන පර්යේෂණ මධ්‍යස්ථානයේ ඇති චන්ද්‍රගුප්ත තේනුවරයන් විසින් නිර්මාණය කළ යුද සමයේ අතුරුදන් වූවන්ගේ ස්මාරක පවුර  හෘදය සාක්ෂියක් නැති ජ...